May 10: Your Street, your idea! (sinhala)

ඔබේ අදහස, ඔබේ වීදිය

உங்கள் யோசனை, உங்கள் தெரு

Guest Facilitators: Sulakshi & Rae from Everystory

Volunteers: Tammeez , Suren, Husaina

Time: 12-2.30pm

Building Hope Children’s Center, Nagaswatte.

සාරාංශය

අද වැඩසටහනේදී අපි පාරවල් සහ පොදු ස්ථාන පිරිමි, ගැහැණු සහ ළමයින් වෙනස් විදිහට භාවිතා කරන හැටි බලමු.
මේක හරහා “brainstorming” සහ “rapid prototyping” කියන ක්‍රමත් ඉගෙන ගමු — ඒ කියන්නේ හොඳම අදහස තෝරන්න කලින් හැකි තරම් අදහස් ගොඩක් හිතන එක, පසුව සරල ද්‍රව්‍ය වලින් ඒ අදහසක් ආකෘතියක් ලෙස හදලා අනිත් අය සමඟ බෙදාගන්න එක.

අවශ්‍ය දේවල්

  • ලොකු මැප් එකක් (print කරලා හෝ Bristol board එකක අතින් ඇඳලා)

  • Sketch paper හෝ A4 කොළ

  • රතු සහ කොළ stickers (කැමති / අකමැති තැන් සලකුණු කරන්න)

  • Felt pens, පැන්සල්, මකනය

  • එක් ළමයෙකුට Post-it 10–15ක්

  • Cardboard pieces (6” x 6” හෝ A5 ප්‍රමාණයෙන්)

  • කතුර, masking tape, නූල්, glue

  1. Memory mapping: 15 minutes

This is the area will be observing very closely for this session.

  • මේ session එකේ අපි හොඳින් නිරීක්ෂණය කරන්න යන්නේ මේ ප්‍රදේශයයි.

    “මේක කොහෙද කියලා දන්නවද?” (චතුරස්‍ර ප්‍රදේශය පෙන්වන්න) Hint: Bandujeewa playground එක ළඟ.

    මැප් එකේ රතු dot එකක් තෝරන්න:

    • මිනිස්සුන්ට වැඩියෙන් බලපාන තැනක්
      හෝ

    • ළමයි ගොඩක් කියන තැනක්

    සාකච්ඡා කරන්න

    “අනිත් කෙනෙකුගේ අදහසක් තව දියුණු කරනකොට කොහොම හිතුණාද?”

    “මෙතන සාමාන්‍යයෙන් නැතිවෙලා තියෙන දේවල් මොනවද?”

    මතක තියෙන හැම දෙයක්ම මැප් එකේ අඳින්න:

    • ගස්

    • සෙවන

    • speed bump

    • බිත්තිය

    • pothole

    • clothesline

    • තණකොළ

    ඉහළින් බලනවා වගේ (Bird’s Eye View) අඳින්න.

    ප්‍රශ්න

    • මේ ප්‍රදේශය වැඩියෙන් භාවිතා කරන්නේ කවුද? මැප් එකේ ලියලා arrows දාන්න.

    • කවුද මෙතනින් ඉවත් වෙලා තියෙන්නේ? සාකච්ඡා කරන්න හෝ මැප් එකේ ලියන්න.

    රතු සහ කොළ stickers දෙන්න.

    • කැමති තැන්

    • අකමැති තැන්
      සලකුණු කරන්න.

    “ඇයි ඒ තැන් කැමති / අකමැති?”

2. Brainwriting (as opposed to brainstorming) 20 minutes

3. Prototype (ආකෘතියක් හහදන එක) – විනාඩි 15

වෙලාව තියෙනවා නම්, class එක කණ්ඩායම් 3–4කට බෙදන්න.

සෑම කණ්ඩායමක්ම Post-it එකක තිබුණු අදහසකට ඉක්මන් model එකක් හදන්න.

වැඩ කරන වෙලාවේ energetic හෝ instrumental music දාන්න.

සෑම කණ්ඩායමකටම එක් වැඩිහිටියෙක් උදව් කරන්න.

“තව විනාඩි 5යි” කියලා ළමයින්ට කියන්න.

විනාඩි 15 ඉවර වුනාම:

  • models ඔක්කොම එකට තියන්න

  • සෑම කණ්ඩායමක්ම තමන්ගේ solution එක පැහැදිලි කරන්න.

අවසාන කතාබහ – විනාඩි 5

  • හොඳම අදහස මොකක්ද කියලා නොහිතා අදහස් ලියන්න සහ අඳින්න කොහොම හිතුණාද?

  • අනිත් කෙනෙකුගේ අදහසක් තව දියුණු කරනකොට කොහොම හිතුණාද?