Nov 15: ගාල්ල කොටුවේ බෝඩ් ගේම් එක හදමු

Session 4:ගාල්ල කොටුවේ බෝඩ් ගේම් එක හදමු

Attendance sheet

Volunteers: Shameel, Hasini

Place and time: Nagaswatta, Building Hope Children’s center | 12.30-2pm (please be at the class 15 minutes early)

පන්ති නායකයන් හඳුන්වා දීම

අද අපේ වැඩසටහනට පන්ති නායකයන් පත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

පන්ති නායකයන් කියන්නේ වයසින් ටිකක් වැඩි, වගකීමෙන් වැඩ කරන, හොඳින් හිතලා තීරණ ගන්න පුළුවන්, සහ පොඩි ළමයින්ට එයාලගේ වැඩවලදී උදව් කරන්න පුළුවන් ළමයින්ටයි.

මෙච්චර කාලයක් අනිත් ළමයින්ට උදව් කරපු එකට ඔයාලට ගොඩක් ස්තූතියි. මේ වගකීම භාරගන්න ඔයාලා කැමති වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

2026 වසරේ අපේ පන්ති නායකයන් තමයි:

  • හංසා

  • නිදු

  • අම්මාර්

අපේ පන්ති නායකයන්ට හැමෝම අත්පුඩියක් ගහලා සුබ පතමු! 👏

අද සැසිය ගැන හැඳන්වීම:

අද අපි ගාල්ල කොටුවේ ගිය ගමනේදී හොයාගත්ත දේවල් එකතු කරලා, මේ වගේ අපි හැමෝටම එකතු වෙලා සෙල්ලම් කරන්න පුළුවන් ලොකු බෝඩ් ගේම් එකක් හදමු.

This is a fort game called ‘carcassone’ based on a medieval fort

අපිට ගාල්ල කොටුවේ තියෙන හැම ගොඩනැඟිල්ලක්ම හදන්නවත්, මුළු කොටුවම ඒ විදිහටම නැවත හදන්නවත් අවශ්‍ය නැහැ.

අපි හදන්න ඕනේ අපේ චරිතවලට තැනින් තැනට ගමන් කරන්නත්, හෝඩුවාවල් හොයාගන්නත්, අභිරහස විසඳගන්නත් උදව් වෙන ගේම් බෝඩ් එකක්.

ඔයාලට අවශ්‍ය දේවල්:

  • A1 ප්‍රමාණයේ ගාල්ල සිතියමේ මුද්‍රිත පිටපතක් (දැනටමත් පන්තියේ තියෙනවා).

  • සිතියම අලවන්න ලොකු කාඩ්බෝඩ් පදනමක්.

  • පළමු සැසියේදී හදාගත්ත චරිත කාඩ්පත්.

  • දෙවැනි සැසියේදී හදාගත්ත වස්තු කාඩ්පත්.

  • තුන්වැනි සැසියේදී හදාගත්ත සොයාගැනීම් පත්‍රිකා, කටු සටහන් සහ නිරීක්ෂණ.

  • නැවත භාවිතා කළ හැකි කාඩ්බෝඩ් පෙට්ටි හෝ කඩදාසි පල්ප් (Paper-mache).

  • කඩදාසි, පැන්සල්, මිනුම් කෝදු සහ මාකර් පෑන්.

  • කතුරු, මාස්කින් ටේප් සහ ගම්.

  • වතුර, පාරවල් සහ ස්ථාන නම් ලේබල් කරන්න ඔයිල් පේපර් හෝ පාට කඩදාසි (කහ, නිල්, කොළ සහ සුදු)

ප්‍රධාන ක්‍රියාකාරකම:

පියවර 1:

ළමයින්ගෙන් ගාල්ල කොටුවේ ගමනේදී පුරවපු සොයාගැනීම් පත්‍රිකා ගේන්න කියලා, ඒවා මේසය මත දිගහරින්න.

ඊට පස්සේ ඒ ගමන මතක් කරලා, එයාලට මතක තියෙන වැදගත්ම හෝ විශේෂම ස්ථාන ගැන කතා කරන්න කියන්න.

එයාලා කතා කරන අතරතුර, ඔයාලා කියන දේවල් වයිට්බෝඩ් එකේ සරලව චිත්‍රයට නඟන්න.

ළමයින්ට අදහස් එන්නේ නැත්නම්, මේ වගේ ස්ථාන ගැන මතක් කරලා දෙන්න පුළුවන්:

  • වරාය

  • ඇතුල්වීමේ දොරටුව

  • වීදි සහ අඩිපාරවල්

  • ගොඩනැඟිලි සහ ගබඩා

  • කොටු බැමි සහ බළකොටු

පියවර 2:

පන්තියේ ළමයින් දෙදෙනා බැගින් යුගලවලට බෙදන්න.

එක් එක් යුගලය වැදගත් ස්ථානයක කුඩා ආකෘතියක් (model) හදලා, ඒක සිතියමේ අදාළ තැන තියන්න ඕනේ.

හදන්න පුළුවන් දේවල් සඳහා යෝජනා:

  • යුගලය 1: වරාය හෝ නැව් පැමිණෙන ස්ථානය

  • යුගලය 2: කොටුවේ දොරටුව සහ ඇතුල්වීමේ ස්ථානය

  • යුගලය 3: කොටු බැමි හෝ බළකොටුවක්

  • යුගලය 4: ගොඩනැඟිලි හෝ ගබඩා

  • යුගලය 5: වීදි, අඩිපාරවල් සහ මංසන්ධි

අඩිපාරවල් සඳහා අදහස: මේ වගේ ටයිල් (tiles) හදන්න. හැබැයි ඒවා ගාල්ල කොටුවට ගැළපෙන විදිහට වෙනස් කරගන්න.

Illustration by irushi Tennekoon

පියවර 3:

පළමු සැසියේදී ඔයාලා නිර්මාණය කරපු චරිතවලට සමාන විදිහට, ඒ චරිතවල පොඩි රූප හදන්න.

ඒවා ගේම් බෝඩ් එක මත පහසුවෙන් ගෙනියන්න පුළුවන් තරම් කුඩාවට හදන්න.

පියවර 4:

හදා අවසන් කරපු සියලුම ස්ථාන සහ අංග සිතියම මත නියමිත තැන්වල තබන්න.


Extra information for volunteers

GALLE PROGRAM INFO (7 weeks)

For 7 weekends, we will focus on a program centered around the Galle fort, and learning about its history in a fun and creative way. (By creating our very own game) Here’s what’s in store:

அடுத்த 7 வார இறுதி நாட்களிலும், காலி கோட்டையை மையமாக வைத்து ஒரு சிறப்பான நிகழ்ச்சியை நடத்தப் போகிறோம். காலி கோட்டையின் வரலாற்றை சுவாரசியமாகவும் படைப்பாற்றலுடனும் கற்றுக்கொள்ளப் போகிறோம். அதற்காக எங்களுக்கென்று ஒரு விளையாட்டையும் உருவாக்கப் போகிறோம்!

இதோ, நாங்கள் திட்டமிட்டிருப்பவை:

  • Week 1: Create character cards

  • Week 2: Create goods for the characters to trade, and some challenges / mysteries for them

  • Week 3: Trip to galle

  • Week 4: build the game board

  • Week 5: Finish building and make game rules

  • Week 6: Test the game!

  • Week 7: Make a stop motion scene that animates the game